Tuesday, January 8, 2013

පටන් ගැනුම මෙසේ පටන් ගනිමි


ජීවිතේ ගැන මං දන්න දේවල් කොයිතරම්ද කියල නම් මං දන්නෙ නෑ. ඒත් ජීවිතේ ගැන මටත් යමක් කියන්න පුලුවන් බව මං දන්නව, ඒ මොකද හැමොම වාගෙම මාත් මෙ පොලව උඩම ජීවත් වෙන නිසා,

දත්ත තොරතුරු වශයෙන් කීමට අවැසි නොවුනත් ජීවිතේ විවිධාකාර බොහො දේවල් මට මුන ගැහුනා..........

අන්තය ඉක්මවා යද්දි එතෙන ට කියන්නෙ අනන්තය කියල මන් හිතන්නෙ, අන්න එතෙනට ගිහින් බලද්දි පේන්නෙ ක්ශිතිජයම විතරයි.
ක්ශිතිජය කියන්නෙ මෙ ලෝකෙ තියෙන පියවි මායාව සහ මායාව මොන වාගෙද කියල පෙන්නන්න තියන හොදම උදහරණය.
මාත් කිහිප විටක්ම අන්න එතෙනට ගියා, විවිද මාර්ග වලින් එතෙනට අපි යනවා, හැගිම් කියන උත්තේජකය ඒකට අනුබල දෙනවා,

ඉතින් මාත් මේ  ක්ශිතිජ රේකාව දිහා ගොඩාක් කල් බලා වුන්න,
මහන්සිය විතරයි,
පලක් වුන් නෑ.
මෙහෙම බලන් වුන්න එක දවසක මට කල්පනා වුනා ඇයි මෙ වෙරලට වෙලා මායාව කිය දැන දැනත් ඒ මායාව අස්සෙම හිරවෙල ඉන්නෙ කියල
ඉතින් බොහොම අමාරුවෙන් ඒ මුල් ඇදගත් අදහස් කඩා දමල මෙතෙක් කල් හිටිය හැගිම් කූඩුව කඩගෙන එලියට පැන්න,
එතැනින් එලියට ආපුවාමයි තේරුනෙ කොඉතරම් නම් කල් මේ විදියට සිරගතවෙල හිටියද කියල
ඒගැන හිතල සුසුම් හෙලනව හැරෙන්න තව ඉන් ගතයුතුයමක් එතැන තිබුනෙ නම් නෑ.
ඉතින් ඒදේවල් කාලයට කන්න දීල මන් හැරුන ආයිත් අර හුරුපුරුදු මායාව දිහාවට
මහ මුහුද............
මේ රැලි නගන බහින ආයෙත් නගින මහ මුහුදත්, ක්ශිතිජයය නම්වූ මායාවත් හැරෙන්න පෙනෙන මානෙක මෙලෝ දෙයක් නම් නෑ,

ඒත් මොකක්දෝ හරියටම නොදන්න සන්සුන් සිතුවිල්ලක් කොහෙන්දෝ කතා කරනවා වගෙ ඇහෙනව, අර කූඩුවෙ හිරවෙලා ඉද්දි කිසිම දෙයක් මට ඇහුනෙ නෑ, කාලෙකට පස්සෙ මට මෙ අහුන දේ ගැන මට හොයන්න හිතුන,
මොකද ඒ ස්වරය එය ගෙනා සුලග මෙතෙක් විදපු දුකට ඔසුවක් වුනා,

මෙ මුහුදෙ කොතැනක හෝ දූපතක් ඇති
ක්ශේම දූපතක්........... 
තවත් බලාහින්දිමෙන් සුසුම් ලෑමෙන් පලක් නැති නිසා සිතුවිලිම එකතු කරගෙන නැවක් හදාගෙන,  ඒ දූපත හොයාගෙන යත්‍රා කරන්න මේ නැව පටන් ගත්ත...........

ගොඩාක් දූපත් පහු කලා,  ඒ පහු කරපු දූපත් වලින් මං මගෙ ගමනට විවිඩ දේ හොයගත්තා.

විශ්වාසයි, ඒ දූපත යම් දිනක හමුවන බව
ඉතින් එතෙක් යත්‍රා කරනවා මේ නැව........

මුනගැහේවි ඔබත් මට මේ සයුරු තරණයේ යම් දිනක
සාමයෙන් සෙනෙහසින් මුනගැසී වෙන්වෙමු එදිනට පැමින හැකිතාක් දුර
අපි අපේම ගමනක ගමන් සගයෝ වෙමු මහන්සිය නිවාලන්නට,
ඉතින් අපි..........
‍යාත්‍ර කරමු කුණාටු වැහි මැද සුන්දර දියරැලි මතින් ඒ ක්ශේම දූපත සොයා ඉදිරියට..............