Sunday, April 28, 2013

මායාවෙන් ඈතට

සිතුවිලි විසිර ගිය දුර

සැබැවින්ම මා දකින එය

පෙනී නොපෙනී තවම බොඳවී මැවේ ඝනදුර පතුලෙන්ම.....

අන්ධ විහඟෙකු සේ තටු ගසන මා

කොහේ පියබමිදැයි නම් නොදනිමි නොදැනිනි

වේගවත් සුළං රැල් නම් අතොරක් නැත ඒතරම් දුරකය මෙ හිස් බව තුල.....

දැන් දැන් ළන්වේ ඒ සේයාව.....

තවත් මා වේගවත් වුනෙමි ආයාසයෙන්.....

අල්ලාගතිමි එය දෑතින්ම බදා ඇගිලි අතරින්වත් යාමට නොදී රින්ගා

නමුදු මා දෙනෙත් පියන් ඇත වැසී.....

සුසුම් රැල් කීපයකි විඩාපත් මා දෑස් හැර බැලුවෙමි.....

අහෝ පුදුමයකි.....

මම තැනූ ආයාසයෙන් විඩාවෙන් කදුලින් පලක් වි නැත..... මන්ද මා අත ගුලිව තිබුනෙ හිස් බවම පමණකි..... සුන්වු අපේක්ෂා දහස් මැද නැවත හැරුනෙමි පසුපසට..... තිගැස්සුනෙමි මා දුටු දසුන අරුමයකි, ගතිමි යලි සිහි එලවා..... ඇරුමයක් නොව ඒ.....

ඒ මා.

No comments:

Post a Comment