Friday, April 18, 2014

සිත්තරාවී!


සිත්තරාවී!
ඒ සිනාවෙන් උඹ මා සොරාගෙන
මටම මාවත් සොයාගත
නොහැකි ලෙස
කොහේවත් නැති පාළු නිම්නෙක
සඟවලා තියලා

උඹ එදා ගත දැවටු සළුවේ
පාට මුහු කරලා අඳින ලද චිත්‍ර එල්ලාලා
මෙ නිම්නයේ
හැමතැනම
ඒවා මටම පෙන්වාලා
කොහෙදෝ තැනක හැන්ඟීලා අඳිනවා තවත් තව තවත්

නමුත් දැන්
ඒවයෙ
පාට බොඳ කරලා
අඳුරුපැහැ වර්ණ වැඩිවීලා . . . . .

4 comments:

  1. //නමුත් දැන්
    ඒවයෙ
    පාට බොඳ කරලා
    අඳුරුපැහැ වර්ණ වැඩිවීලා . . . . .//

    පහු වෙද්දී කොහු වෙයි..

    ජය වේවා!!!

    ReplyDelete
  2. ඔයා ඉතින් හැමදාම හැන්ගිලානේ චිත්‍ර අදින්නේ......ආයෙත් ඔයාගේ හැබෑ හිත වැහිලා ගිහින්...... තේරුනාද....?

    ReplyDelete
  3. ගොඩාක් සුන්දරයි ජය වේවා!!!

    ReplyDelete