Wednesday, April 9, 2014

දඟකාරි නුඹ!

කොහේදො සිට පැමිණ
ළඟපාත අහසට
සේන්දු වූ කළු වළාකුළු
මැද
තෙරපි තෙරපී හිඳ
හදිසියේ බිමට බට
නුඹ
නිසා
දොස් තබන ගතු කියන
හිත රිදුනු අය අතර
මම
නුඹෙන් ඔය වෑහෙන නැවුම් සිහිලැල්
සුවඳට පෙම් බැඳ සිපගන්න සැරසුණා හෙමිහිට
මල් පිපුණු ගහක් යට
හොඳට දිය පිරි
මඩවලක් ළඟ
අනේ නුඹ නම් හරිම දඟකාරියක්
වුනා නේදෝ ඉක්මන්
සිබින්නට පෙර මම
දෙනෝ දාහක් මැද
තුරුළුවූවා මට

නොහොබිනා ලෙස නුඹ . . . . .


21 comments:

  1. ඇත්තට?
    ---------------------------
    SUPER...

    ReplyDelete
  2. ආසාවෙන් රසවින්දා.. Thanks machoo

    ReplyDelete
  3. බොහොම ස්තූතියි පද පෙළක රස දන්න ඔබලාට!

    ReplyDelete
  4. නියමයි...තව ලියන්න දිරිය

    ReplyDelete
  5. බොහොම ස්තූතියි!

    ReplyDelete
  6. චන්න, උඹ ඇතුලෙ දක්‍ෂයෙක් ඉන්නවා. මතකනේ මම කියපුවා මුලින්ම ආපු දවස්වල. අත් හරින්න එපා. කළකිරීම් බොහොමයක් එයි. දිගටම ලියන්න. මාතලන්ගේ සින්ඩියට ඇතුල් කරන්න මේ බ්ලොග් එක. සුභ පතනවා.

    ReplyDelete
  7. ඒ දවස් ටික! ඔව් සර්!
    බොහොම ස්තූතියි සර්ට!

    ReplyDelete
    Replies
    1. යකූ.... මට මෙතනදී සර් කෑල්ල එපා. උඹලට මල්ලි කියලා කතා නොකරන්නෙ ආයතනයේ ප්‍රතිපත්ති නිසා.

      Delete
  8. සමාවෙන්න සෑර්! :D

    ReplyDelete
  9. ආදරය කොහොමද නොහොබිනා වෙන්නේ.....

    ReplyDelete
  10. මඩවතුර මඩ පාට නිසා, අනික අර දහක් මැද වැළදගත්තාම එකම සුදු shirt එක!

    ReplyDelete
  11. ආදරයට තැනක් ....නොතැනක්..... වෙලාවක් ... කලාවක්.... නැ...ඉච්චානුගත ක්‍රියාවක් විතරයි.....

    ReplyDelete
  12. ඔව්, ඔබ හරි! ආදරය යන කාරණාවෙදි,
    එත්!

    ReplyDelete
    Replies
    1. ඒත් ........... ඔබ දෙගිඩියාවෙන්.....ඉන්නේ. නිසදැස ඔබේ යටිසිතේ සිතුවිල්ලක් බව මතක තියා ගන්න. ඔබ උඩු සිතත් යටි සිතත් අත්තර ඝට්ඨනයක ඉන්නේ.....

      Delete
    2. සරළවම නිහිංසා ඔබට මම එකඟයි
      එත් කියා මන් අදහස් කලේ මෙ සදැස ලිව්වේ වැස්ස ගැන
      වැස්සට මන් ආසයි
      එත් මේ දවස් වල වැස්ස හරියට
      මිනිස්සු බනිනව ඒකට
      එක වැස්ස දවසක මඩවලක් ලඟ
      වැස්ස දිහා බලන් ඉද්දි ඒ වැහි වතුරම වැටිල පිරුන මඩවලේ වතුර ඉහුනා shirt එකට වාහනයක් ගිය නිස ඒ උඩින්
      මිනිසුන් ඉදිරියෙ පාරෙදි එහෙම වතුර ඉහුනාම දැනෙන්නෙ ඒක හරි නොහොබිනා විදියට
      එවගෙම සතුටුයි ඔය මo ලියපු දේ කියෙව්වට
      මo ලියන්නට එතරම් දක්ෂයෙක් නොවුනත්
      ලියපු දේ ගැන උවමනාවෙන් කතාකළ එක ගැන මo හරිම මනාපයි

      Delete
  13. ඔයාගේ සිතුවිල්ල ඔයාට අනුව හරි වෙන්න පුළුවන්....... මං මේ ගැන හිතුවේ, ඔයා මේ වැස්ස උපමා කරන්නේ තරුණියකට කියල. ඒ කියන්නේ සිත්ගත් තරුණිය. ඉතින්...... වැස්ස වගේ මේ දගකාර තරුණිය.කලදේට ඔයාට ඇති උන ලජ්ජාවටයි මං එහෙම කිව්වේ..... හරි.... බලන් ගියාම කවියක් කෝණ කීපයකින් දකින්න පුළුවන් නම් ඒක සාර්ථක නිර්මාණයක්. මේ දෙකටම වඩා වෙනස් විදියට තව කෙනෙකුට දකින්න පුළුවන් නම්...... මං හිතන්නේ ඔයා සාර්ථකයි...... මං ගොඩක් තර්ක කරා. වැස්ස ආදරේ වගේ දැක්ක නිසා........

    ReplyDelete
  14. වැස්ස ආදරේ වගේ තමයි!
    කොහොම වුනත් බොහොම ස්තූතියි ඔයාට නිහිංසා!

    ReplyDelete