Saturday, April 19, 2014

නාගරික වඳුරාගේ නමස්කාරය

පෙම් කෙළින දූ කෙළින
අයවළුන් එන යනෙන
මත්වෙච්ච දුම පිරුණු
මහපාර අද්දරම

නව රිද්ම සoගීත
බයිස්කෝප් හඬ ඇහෙන
සින්දු මික්ස් කර කියන
තැන් වලින් වට වෙච්ච

කොත්තු හඬ පිළී ගඳ
චයිනීස් සුවඳ ඇති
රස නහර පිනා යන
සුළන් රැළි කරකැවෙන

තැනක මහ
ගාම්බීරව
වැඩ සිටින පන්සලක්
තුල රැදුනු ඒ
නිහතමානී නිහැඬියාවට
වේවා
මාගේ
නමස්කාරය!

4 comments:

  1. ටොප් සිතුවිල්ලක්!!

    ReplyDelete
  2. සැබෑවටම...

    ජය වේවා!!!

    ReplyDelete
  3. කොච්චරනම් අපූරුද...

    ReplyDelete
  4. නොගොස් වැඩි දුර බැහැර
    ඒ ගෙන්දගම් වටපිටෙන්

    තිබුණ එක අගනේය
    ගල් පඩියකින් දුර - 'ළඟම'

    කිමද ඒ?
    වැඩි කලක් නොගිහින්ම
    ඒ ගල් පඩිය නගින්නට
    සිදුවේවි
    වටපිටෙන් ගැලවෙන්ට...

    ReplyDelete