Monday, March 31, 2014

සායම් සහ පැල්ලම්

මඩ පැල්ලම්
තෙල් පැල්ලම්
තීන්ත සහ දූවිලි පැල්ලම්
ආදී එකී මෙකී නොකී තවත් බොහෝ පැල්ලම් වලින්
සැරසුණු මගෙ සුදු ඩෙනිම
සහ
රතු සායම්
නිල් සායම්
කියුටෙක්ස් හා ලිප්ස්ටික් සායම් ආදි එකි මෙකි නොකි තවත් බොහෝ සායම්
වලින් හැඩවුනු මගෙ නොවූ මගෙ ඇය
කොයිතරම් නම් ප්‍රේමාන්විතද යන වග වැටහුනා පමනි

ඩෙනිම ඉරුනි!

ඇය විදෙස්ගතවුනි!

17 comments:

  1. අහෝ දුකකි.

    නියමයි චන්න.

    ReplyDelete
  2. සුපිරියි ඕන් ඈ... රැඩිකල් සිතිවිලි... මම හරිම මනාපයි.. හිටහන් තෝ කන්න.. සාගර ෂෝ මී ද රෝඩ්

    ReplyDelete
    Replies
    1. :D
      කෑමට පෙර අත් සෙදීම හොඳ පුරුද්දකි!
      බොහොම ස්තූතියි!

      Delete
  3. කිවාත් වගේ පට්ට ඈ.

    ReplyDelete
    Replies
    1. මහත්මයාණනි ස්තූතියි!

      Delete
    2. මහත්තයා කියන්න ඕනේ නැහැ මිත්‍රයා.එක නිකන් නුහුරුයි වගේ.

      Delete
  4. මාතලන් තමා පාර පෙන්නුවෙ. හරි අපූරු නිර්මාණ ගොඩක්. ස්තූතියි ඔබට..

    ෆලෝවර් එකත් දාගමුකො.

    ReplyDelete
  5. මාතලන් තමයි පාර පෙන්නුවේ..
    සුපිරියි අෑ....්

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. Blogger->Settings->post and comment->word verification
      මෙතැන්ට ගිහිං word verification අයින් කරානං වඩාත් වටිනවා..

      Delete
    2. ස්තුතියි! දැනන් හිටියෙ නෑ විදානේ අයියේ ඒ ගැන!
      දැන් හරි ඇති.

      Delete
  6. හොඳ නිර්මාණයක්, රස විඳින්න පුළුවන් නිර්මාණයක්.

    ජය වේවා..
    මාතලන් ටත් Thank You වේවා!!!

    ReplyDelete
  7. අපේ මාතලන් ලොක්ක පාර පෙන්වනව කියන්නෙ ඉතිං එල කිරිස්ම කියල දන්නව....
    සුපිරි රස නිර්මාණයක්.....

    ReplyDelete
  8. දිගටමු ලියමු අපි එනවා කියවන්න

    ReplyDelete
  9. බොහොම ස්තුතියි සියළු දෙනා හට!
    තාම කෝඩුයි මම මේ බ්ලොග් කලාවට
    වරදක් ඇතිනම් සමාවෙයල්ලා හොදේ!

    ReplyDelete
  10. ලස්සනයි බොලන්

    ජයවේවා!!!

    ReplyDelete
  11. ස්තුතියි! ජය වේවා!

    ReplyDelete