මනා ලෙස විසිතුරුව
සැරසිලා
උස මහත පොරකට
තුරුළු වී ඉතාමත්
ප්රීතියෙන්
යුවතියකි බසය තුල
තරු දෙකත් මල් මිටක ටැටූ එක
පෙනී නොපෙනී ඇත ඇගේ කෙටි සාය අද්දර
දහදියට තෙත් වෙලා මුදු සේද රතු සළුව විනිවිදව හැමතැනම
උණුහුමද රස්නයද අනේ මන්දා බැලූ බැල්මට

ඇසෙන නෑසෙන ලෙසට කිටිකිටියෙ හිරවෙලා ඉඳ
ඉතින්
පේන හැටියට
ඇගේ නැවතුම ළඟා විය ඔහුට නවතින්නට
ඒ සමඟ තවත් කවුදෝ කෙට්ටු උස මහත්මෙක් ගොඩ වුනිය බසයට
ඈ සමඟ අසුන්ගෙන කොහේදො යන්නට
තරු දෙකත් මල් මිටක ටැටූ එක . . . . .
දිගු ගමනක් යන්න කතා කරයි වගේ .....ටැටූ එකක් නම් .......
ReplyDeleteදිගු ගමනක් යයි වගේ.....
ReplyDeleteහිතුවට වඩා , ලියුවට වඩා ගමන නම් දිගයි වගේ..
ReplyDeleteගමන ගොඩක් දුරයි. ගොඩක් වෙනස්..
ReplyDeleteඇත්තටම ලස්සනයි ජය වේවා!!!
ReplyDelete