Thursday, May 1, 2014

මැයි දිනය! වර්ෂය : 2014

මැයි දිනය
දැන් රතු පාට නැත
පාට පාටය
ගෑනුළමෝ අඳින මල් ගවොමක් සේය,
විසිතුරුය.
ඒ දකින කම්කරු කොල්ලෝද දැන් එය වර්ණනා කරති,
ප්‍රීතියෙන්!
ඒ අතර "අපි"
තවම
රතු පාට
උරච්චි කරන්නෙමු ඊළඟ දිනයට
මැයි!

6 comments:

  1. දැං රතුපාටත් ජල් වගේ නේද?

    ReplyDelete
  2. ඔරිජිනල්ම රතුපාට ඉතිරිවී ඇත. විය යුත්ත අවසානයේ සිදුව ඇත.

    ReplyDelete
    Replies
    1. දා ගැබ් මහ වැව් කලා නිකේතන
      නුඹලා දෑතිනි මිහි මත මැවුනේ
      ඒ නුඹලාටයි දූ දරුවන්ටයි
      මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ!

      අව්වට වැස්සට හුරු මිනිසුන්නෙ . . . .

      Delete
  3. නිල් වලින් පෙන්නන - රතු පාට
    කොළ වලින් පෙන්නන - රතු පාට

    --- දම් පාට ---

    ඒ මදිවට
    'අපි හම්බන්ගේ -තොට' කියන වෙන වෙන පාට
    පාරේ යනකොට පෙනුනේ ...

    බත් පාර්සල් තවානෙන්
    එක පාර්සලයක් ගන්න
    එදත් දරුවන් ගෙට ගාල් කොට
    'ඔපිස්' / 'පැට්ටරි ' නොයා
    බස් එකෙන් කොළඹට
    ආපු කට්ටිය විතරයි...

    ReplyDelete
    Replies
    1. පළමුවෙනි පාරට Colombo ආපු අයත් ඒ අතර පෙළට ගොස් කෑගාලා මහන්සියට ගාලුමුවදොරට ආවලු විඩාව නිවන්න,
      ඉතින් රෑ උනාට පස්සෙ යන්න Bus එක හොයගන්න බැරිනිසා එහාට යනවා මෙහාට යනවා
      එ අස්සෙ බත් පැකට් එක්ක අතුරුපසට ලැබුනු බොත්ලේ රහට මත්වෙලා ගමරාළ කෙනෙක් කළිසන් ඇන්දන් පාරෙම බුදි.
      ඕන්න ඊයෙ රතු මැයි රැළිය!

      Delete