අතරමo විය
කඳු දෙකක් මැද
නිම්නයක් ලඟ
සිහින පෙන්වන
යුවතියකි හැඩ
බසය තුල අද
තිගැස්සුනි මම
දෙදරනා විට
බස් නලා හඬ . . . . . .
Wednesday, March 19, 2014
Monday, March 17, 2014
අපි නොදන්නා තැනක
සියුම් කැටයම් සීරුවට
හැඩදාල මල් කපන
සල්ලි දීලා ගන්න
කලින් තෝරාගත්තෙ
නැති නිසා
ලද එකෙන් සතුටු වී ගොළුවෙලා දැන් ඉන්න
ලස්සනට සරසවා
කරමතින් රැගෙන යන
ඉන්පස්සෙ වලදාන
එනැතිනම් ගිනිතියන
මිනී පෙට්ටිය
බලා සිටී
අපි නොදන්නා තැනක . . . .
හැඩදාල මල් කපන
සල්ලි දීලා ගන්න
කලින් තෝරාගත්තෙ
නැති නිසා
ලද එකෙන් සතුටු වී ගොළුවෙලා දැන් ඉන්න
ලස්සනට සරසවා
කරමතින් රැගෙන යන
ඉන්පස්සෙ වලදාන
එනැතිනම් ගිනිතියන
මිනී පෙට්ටිය
බලා සිටී
අපි නොදන්නා තැනක . . . .
Saturday, March 15, 2014
මේ පිනි බිoදු ඇතුලෙන්
හැන්දෑවට පාර දිගටපහන්කණුවල එලිය උඩට
පිනි වැටිල දිලිසෙනව ලස්සනට
ඒ පිනි තුරුළු කරගත්ත සුළගට දැවටිලා එන සීතල මා ගාවට අරන් එන්නෙ අර හුරුපුරුදු පාලුවයි තනිකමයි
මේ වටපිටාවේ තියෙන නිසොල්මන් බව හිතට එබිකම් කරන්නෙ මේ හිතේ හිරවෙච්ච දහසක් සිතිවිලි එකින් එක මුදා හරින්නැයි මට ඇවිටිලි කරමින් වගේ
තියෙනව එක බංකුවක් රතු පාට මල් පිපෙන ගහක් යට
බංකුව උඩ වගෙම වටේට හැම තැනම රතු පාටයි මල් වැටිල
කාලෙකින් කවුරුවත් මෙතැනට ඇවිදින් නැති පාටයි
නැවතුනා ඉතින් මොහොතකට . . . .
දැනෙනව මොකක්දෝ හුරුපුරුදු හැඟීමක් ආයිත්
අතීතය මැවෙනවා
මැවී මැවී ටිකෙන් ටික බොඳ වෙලා
මේ පිනි බිංදු ඇතුලට දියවෙලා විසිරිලා පාර දිගටම ගලාගෙන ගිහින් වැටෙනවා
කාණුවට
හිතේ නම් නෑ තිබුනෙ කිසිම සතුටක්
ඒත් මුහුවුනාම මේ වටපිටාවට දැනෙනවා යම්තාක් නිදහසක්
පෙනෙනවා වාගෙයි මුළු ලෝකයම විනිවිද මේ පිනි බිංදු ඇතුලෙන් . . . . . .
මේ පිනි බිංදු ඇතුලෙන් . . . . . .
Monday, April 29, 2013
දුම් හා සුසුම්
සියලු බැදිම් නම් සුන්දර හීනයන්ගෙන් දුරස්ව
වින්දගනිමි මෙ ජීවිතය...
දෙනෙත් අඩවන් වුනමුත් සිගරට් දුමට මහිත සපුරා දැල්වි ඇත තවම
මෙ වන විටත් මිරිගු වරුසාවක තෙමි මායාව තුරුල් කරගත් මට මේ අවට සැරිසරන සුළඟ නම් සැනසිමකි...
මෙලෙස මහිත සිතුවිලි උපදින මොහොත
තව නොබෝ වේලාවකින් නවතිවි
මන්ද යත් මෙ දැන් දැල්වෙන්නෙ මගෙ සිගරට්ටුවෙ ෆිල්ටරය නම්වු අප්‍රාණික සිතුවිල්ලට ඉහල කොටසයි. . . .
Sunday, April 28, 2013
මායාවෙන් ඈතට
සැබැවින්ම මා දකින එය
පෙනී නොපෙනී තවම බොඳවී මැවේ ඝනදුර පතුලෙන්ම.....
අන්ධ විහඟෙකු සේ තටු ගසන මා
කොහේ පියබමිදැයි නම් නොදනිමි නොදැනිනි
වේගවත් සුළං රැල් නම් අතොරක් නැත ඒතරම් දුරකය මෙ හිස් බව තුල.....
දැන් දැන් ළන්වේ ඒ සේයාව.....
තවත් මා වේගවත් වුනෙමි ආයාසයෙන්.....
අල්ලාගතිමි එය දෑතින්ම බදා ඇගිලි අතරින්වත් යාමට නොදී රින්ගා
නමුදු මා දෙනෙත් පියන් ඇත වැසී.....
සුසුම් රැල් කීපයකි විඩාපත් මා දෑස් හැර බැලුවෙමි.....
අහෝ පුදුමයකි.....
මම තැනූ ආයාසයෙන් විඩාවෙන් කදුලින් පලක් වි නැත..... මන්ද මා අත ගුලිව තිබුනෙ හිස් බවම පමණකි..... සුන්වු අපේක්ෂා දහස් මැද නැවත හැරුනෙමි පසුපසට..... තිගැස්සුනෙමි මා දුටු දසුන අරුමයකි, ගතිමි යලි සිහි එලවා..... ඇරුමයක් නොව ඒ.....
ඒ මා.
Subscribe to:
Posts (Atom)
