සිත්තරාවියක් ඇඳි සිත්තමක්
රාමු කළ ජීවිතේ කැන්වසය මත
හිතුමතේ ඇගෙ වේදනාවේ පින්සලෙන්
කුරුටු ගා කුරුටු ගා
නිමකලාය ඇය ඇගෙ නොවූ ඒ අකාරුණික සිත්තම. ,
දැන් එය තබා ඇත
ප්‍රදර්ශනයට!
ලෝකයේ ගැලරිය තුල එක අඳුරු මුල්ලක
පළමු පෙල සම්මාන වෙනුවට
ගැරහුමින් සන් කල විවේචන ලබන්නට . . . . .
අපූරුයි! පද ගැලපීම බොහොම ලස්සනයි.
ReplyDelete