Monday, March 24, 2014

බල්ලා සහ කම්මලේ මම

කම්මලේ බල්ලා සහ මම හොඳින් අඳුරන්නෙමු

කලක සිට

ඌ අන් බල්ලන් සේ නොව

වැඩක් තිබුනද නොතිබුනද ගමන හෙමින්ය

එලෙසම ඌ හපා කන්නට පනින්නේ නැත හැමවිටම
බැරිම තැනකදි හපා කන්නට සිදුවුනොත් ඌ බුර බුරා ඉන්නේද නැත.
තවද ඌ පාඩුවේ සිටිනා බල්ලෙක් වන අතර කන්න දුන් අත හපන්නේ නැති කළගුණ දන්නා සිරා බල්ලෙකි.
දෙන දෙයක් කන්නේද වෙන දෙයක් බලා සිටීමට නොව
අන් අයට කරදර කිරීමට ඇති අකමැත්ත නිසාවෙනි.
මේ හැර ඌ අන් සෑමවිටම අන් අය යකඩ තලන දෙසද තැලෙන යකඩය දැක දැක උඩ පැන පැන තලන දෙසද උපේක්ශාවෙන් බලා සිටින්නේ
කලින් ඌ ඊට බිරූවත් ඉන් පලක් නොවු හෙයිනි.
අතිශයෝක්තියෙන් නොව අනෙක් බල්ලන් අතර ඌ වැදගත් බල්ලෙකි.
තවත් ඌ ගැන කතා කිරිමට බොහෝ දේ නැති අතර ඊට හේතුව ඌ simple බල්ලෙක් වීමයි.

"බල්ලා සහ කම්මලේ මම" මෙහි එන චරිත වන අතර මෙය තවත් එක බලු කතාවක් පමණි.
තවද අන් අයගේ යකඩ තලන නාදය කම්මලේ බල්ලාට බාධාවක් නොවන අතර අo අයට දිගටම තලාගෙන යා හැක.

ස්තූතියි!

1 comment:

  1. කියවපු ඒවගෙන් හොඳම පොස්ටුව මෙයයි.. (මට නම්)

    ReplyDelete