Sunday, March 30, 2014

සැවොම ගහනා බඩුව

ගිනිගහන අව්වට

හෙණගහන වැස්සට

ඉහලනා කුඩය

ඇත දමා මැස්ස උඩ

කඩ කඩා අටුව
හැමදාම හදනා පුටුව
තවමත් කැඩී ඇත
සාලෙ මැද
කාලෙකට එන ඕනනම් ගෙන්නන
සැවොම ගහනා බඩුව
කැන්දා ඇවිත් ඇත මෙවරද
හෝ හෝ ගෙනෙන් බොල මේ සැරෙත්
අර හිල් කුඩය ඉහලන්න මෙ බඩුවට

කෑ ගසා උස් හඬින් මෙලෙසින්

"බඩුව අපිට අපි බඩුවට"

සාදයි කියා සිතා

මේ සැරේවත් පුටුව

ප්‍රීතිගෙන

ඉහිලුවා නේද එකෙන්ම!

අර එකම එක හිල් කුඩය

අනේ තවමත් සාලෙමයි පුටුව

හැදිල නෑනේ අපෙ අටුව

කැඩිලනේ බo ආයි සැරයක්

කුඩේ අස්සෙන් පෙනේ බොල් අහස

ගිනිගහන අව්ව

හෙණගහන වැස්ස

කෝ බොලo අර බඩුව?

2 comments:

  1. අහෝ අසරණ ඡන්දදායකයා... නියමයි...
    මාතලන්ගේ මග පෙන්වීමට ආවේ...

    ReplyDelete
  2. මාතලන්ටත් ඔබටත් මගේ ස්තූතිය!

    ReplyDelete