Thursday, May 22, 2014

හා නැද්ද කියහන් !

උඹටත් මට වගේ

හීන ඇති කල් පැනපු
වට්ටි ඇති මල් කඩපු
කෙල්ලො ඇති බෑ කියපු
කොල්ලො ඇති වල බැහැපු

ක්ලාස් ඇති කට් කරපු
ඩෙනිම් ඇති පැච් දාපු
ලොවෙත් නැති ලව් කරපු
පෙමක් ඇති හිත බිදපු

හැමදාම කිස් කරපු
තෑගි ඇති විසිකරපු
විටින් විට රින්ග් කරපු
ලයින් ඇති කට් කරපු
හීත රෑ නිදි වරපු
රොකට් ඇති උඩ යවපු


හා නැද්ද කියහන්   o.O

1 comment:

  1. දැන් කොහොමෙයි නෑ කියන්නේ? හි... හි....

    ReplyDelete