Monday, May 26, 2014

සීනිබෝල

සාරියේ නෙක පාට ලෝකෙටම මැච් කර
කසාදෙට දැන් තියා හොටෙල් එක තෝරන
ටීවි එක කන ගමන්
හින්දි කොරියන් පෙම් කතා ලුහුබදින
තමන් ගැන මේලොවක් නොදන්නා කොහෙද යන
සල්ලාල නළුවෙකුට පිස්සුවෙන් හූල්ලන
තාත්තගෙ මහන්සිය සිම් එකට දාගෙන
හෙට නිවෙන තරු වලට උමතුවෙන් text කරන
සීනිබෝල ලෝකෙක Toblerone , Ferrero Rocher
ආදරේ නාමයෙන්
ෆැන්ටසියෙ
ඉහළ රැඳි කොල්ලන්ට ලව් කරන
කෙල්ලන් අතර
නුඹ
කොහොම හමුවන්නද?
ඒ නිසයි
මම මේ ගොළු මුහුද අද්දර

4 comments:

  1. බොහෝ දුර ගෙවාගෙන
    ගියත් කතරක - නිරුදක
    ක්ෂේම භූමියක් නොතිබුණිද ?
    නොසෙව්වාද ? නොසිතුවාද?

    කොහේ දකින්නද..
    උඹත් අරුන් වගෙම
    ගරන්නෙම නැතුව ගං - වැලි
    නැතිවයි කියනවනේ කාකනිල
    ගං පතුලේ සැඟවුණ !

    කෝ උඹේ පතල..
    කලින් තැන තනාපු?

    ReplyDelete
    Replies
    1. ඇයිද නුඹ කෝපයෙන් වාගේ
      උවමනා නෑ හොයන්නට තව
      ඇය මෙතන නැති බව මොනවාට හැඟේනම්
      වැල්ලෙ නොකපා පතල්
      කරනවා යාත්‍රා මන්
      මේ ගොළු මුහුදිනුත් එහා . . . .

      Delete
    2. කොට්ටයක් මාරු කල - ඉසේ ඇම්මට,
      තිබහට බොන්නේ ලුණු වතුරනම්
      එන්ට වේවි ආයෙමත්
      පරණ පතලක්
      යළිදු කණින්නට

      එකවරක්
      හැරී බලා යන්න
      කෝ ඔබ සොයන කාකනිල්?

      Delete
    3. ඔය කියන කාකනිලත් වීදුරු කැටයක් නම් . . . . .

      Delete