Saturday, May 17, 2014

ඔව්! උඹත් ඉන්නව!

සින්දු කිව්වත් කවුරුවත් අහන් ඉන් නැතිනිසා
එක්කො අහන් ඉන්න බැරි නිසා
අනුන්ට නොවී කරදරයක්
දැන් වැඩිපුර අහනව
අනිත් අය කියනව
හැබැයි දැන් ඒ
ඇහෙන දේවල් ලියනව

පරිස්සමින් !
"ඒ" ඇතුලෙ උඹ ඉන්නව
ඔව්! උඹත් ඉන්නව!

6 comments:

  1. සින්දු කවිකර ලියනවිට
    හීන් තාලෙට මිමිනෙන
    පුංචි පදවැලක් වෙලා - නුඹ
    මේ විසල් කාමරේ
    අඳුරු මුල්ලේ - අර කොනේ
    ඇස් පිහ නොදල්වා
    ඉන්නකොට.............
    යන්තමින්වත් පේනවනම් - තව චුට්ටක්...
    නොහිතුනේ නැහැ - අහක බැලුවට !

    ReplyDelete
    Replies
    1. අහක බැලුවත් නුඹ
      ඇහෙනවා නම් ඔය සුසුම් හඬ
      ළඟ ළගින් තව තවත්
      නොකියාම සිර කෙරුව
      වචනයක් ගානේ
      දැනෙනවා නම් මේ විසල් කාමරය
      ඒතරම් සුවිසාල නෑ කියා
      නුඹ නිසා
      ඔව්!
      මේ ලියන වචනවල
      මුහුවෙලා ඒ සුසුම්
      තියේවි හැම කොනක
      හැම අඳුරු මුල්ලකම

      Delete
    2. අහා.. ඒ සුසුම්
      විස හී විතක් වී...
      කෑලි කපනා අඳුරකට
      මා විසි නොකොට...
      මේ එළිම බල බලා
      තැබූ හැටි?

      අඳුරු මුල්ලකට වන්නට
      තැලුණු, බරු ගිය තටු හකුළුවන්
      වදනකින්වත් නොකී - හිතළුව
      ඔහෙ තුරුළුකර....
      බලන් ඉන්නට ආසයි,
      එළිය ඇති තැන
      උණුහුම්ව ඇති නුඹේ කූඩුව.....

      Delete
    3. හිතුමනාපෙට
      විසිරිලා යන
      හීන ආකාසෙට විසික් කර
      අඳුර තම යහළුවා කරගෙන
      ලෝකෙ කෙළවර සොයා පියඹන
      කුරුල්ලෙක් නම්
      තැනුවෙ කූඩුව . . . .

      කියන් මා හට
      වෙයිද එහි නුඹ
      කියන උණුහුම . . . .

      Delete
    4. මරු ! උඩ පනින්න හිතෙනවා :-)
      You know why

      Delete
    5. ආහ්! හා හාකො එහෙනම්!

      Delete