Thursday, May 8, 2014

පත්තරයක්! වනිතාව වෙනුවෙන්!

තිබුනි
පත්තරයක්
ලියූ වෙනුවෙන්
වනිතාව
හැරී පසුපිට
මේසයක් උඩ
අරන් නිකමට උඩින් පල්ලෙන්
කියවගෙන මo ගියා නිකමට
බොහොම රසවත්
හරිම හරවත්
කෑම ජාතිද
බීම ජාතිද
හදන හැටි සහ තවත් දේවල්
සමාජය ගැන
ඇති ගැටළු ගැන
උවමනා බව සැමට සමතැන
රටේ වෙන නෙක කාන්තා හින්සන
ගැන ලියා ඇත ඇතුල් පිටුවල
කොයිතරම් නම් අගනේද මෙය
කියා තිබ්බා යලි මේසෙ උඩ
හරවලා එය කවරයට මුල
හෝව්! පොඩ්ඩක්! මෙන්න! මේකේ!
පුoචි කලිසම
චූටි බැනියම ඇඳන් කෙල්ලෙක් ඉස්සරහ!

4 comments:

  1. ඔන්න ඕකනෙ වැඩේ.

    ඒක නෙවෙයි කෝ මේ වනිතා??

    ReplyDelete
    Replies
    1. කන්නද හදන්නේ..

      Delete
    2. කටවහගෙන ඉන්නෙක හොඳයි නේ බං.

      Delete
  2. //පුoචි කලිසම
    චූටි බැනියම ඇඳන් කෙල්ලෙක් ඉස්සරහ!//

    මං අාසම පිටුව...

    ReplyDelete