Tuesday, May 20, 2014

හීනය දවල්

රෑ හීන හීතලට ගල්ගැසෙයි
ඒ නිසා
වරුවකට කරගැහුව ගෝනි ටික සෙටල් කර
දකින්නට ට්‍රයි කරන හීනය දවල්
යදම් දා බැඳගෙන එක කොනක්
බය නිසා යයි කියා ලිස්සලා

"පුතාලයි දුවලයි
උන් ගේ පැටවුනුයි
එක්ක කරලා සෙල්ලම්
හොඳට කා පොඩ්ඩක් නටා වෙරළේ
එකම එක දවසක්
එකම් එක හවසක්"

කොයි ඉතින්
මොන හීන
රත් කරන් පිටකොටුව
ඩබල් වෙන ගිනි අව්ව
එනවනේ ඉහ උඩට



2 comments:

  1. වෙනද වගේම මෙවරත් අගේ ඇති නිර්මාණයක්. ස්තූතියි.

    ReplyDelete