Wednesday, May 7, 2014

එක අඹ ගහක් යටදී . . . .

අනුන් කෑ අඹයක
ලෙල්ල මා පාගා
වැටී එතනම ඉඳිද්දී
වුනුදේට ඩිම් වී
උඹ කා රස බලා
කට්ට ඇඹුලැයි කීවෙහිය අඹයක්
උඹද කා උලාකා
රහක් නෑනේ මෙලෝ කීවෙහිය අඹයක්
ඔව්! උඹත් කා සූප්පා
පට්ට පටයැයි කීවෙහිය අඹයක්
අඹයක් තියා අඹ කෑල්ලක්වත්
නොකෑ මට
එක අඹ ගහක් යටදී . . . .

2 comments:

  1. අඹ වලට විතරක් නෙවෙයි මේ මං හිතන්නෙ. සමාජය තුල ගොඩක් දේවල් වලට මෙය ගලපන්න පුලුවන්..

    ReplyDelete
  2. නියම පද ගැලපීමක්...කරකවල අත ඇරිය වගේ...

    ReplyDelete